සංචාරකයින් සඳහා “ඊ වීසා” අද සිට

සංචාරකයින් සඳහා පමණක් අද (17) සිට “ඊ වීසා” ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
එහි පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ, ආරම්භයේදී භාෂා පහකින් “ඊ වීසා” අයදුම් කිරීමේ හැකියාව පවතින බවය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පවසා සිටියේය.
“නව තාක්ෂණයෙන් වැඩි දියුණූ කරලා, ඊ වීසා ක්‍රමවේදය අද ඉඳලා ක්‍රියාත්මක වෙනවා.

පළමුව සංචාරකයින්ගෙන් පටන් ගන්නවා. ඒ අනුව ඕනෑම රටක ඉඳලා ලංකාවට පැමිණෙන සංචාරකයින්ට විතරක් නෙමෙයි පසුව අපි සියලුම වීසා වර්ග ඔන්ලයින් තාක්ෂණය පාවිච්චි කරලා අයදුම් කිරීමේ හැකියාව සලස්වන්න අපි බලාපොරොත්තු වෙනවා.

“දැනට අපි සංචාරක වීසා සඳහා පමණයි මේ ක්‍රමවේදය හඳුන්වා දෙන්නේ. ඉදිරි සති කිහිපය තුළ අධ්‍යාපනික, ව්‍යාපාරික ආදි සියලු වීසා කාණ්ඩවලට මෙය හඳුන්වා දෙනවා.

රටේ ජාතික ආරක්ෂාව ගැන සැලකීමේ දී වඩාත් වැඩි ලේඛන ප්‍රමාණයක් ගැනීම ආදිය සලකා බලලා අපි භාෂා 5කින් මේක පවත්වාගෙන යනවා “රටේ ආරක්ෂක ක්‍රමවේදය අනුව ඉතා පහසුවෙන් රටට එන්න මෙයින් පහසුකම් ලැබෙනවා.

මේ අතර නිත්‍ය පහසුකම් වීසා සඳහා අපි තොරතුරු ලබාගෙන තාක්ෂණයෙන් දියුණු ක්‍රම භාවිතයට ගැනීමට නියමිතව තිබෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *