අලුත් අවුරුද්දේ අධිවේගයේ ආදායම රු. මිලියන 150 ඉක්මවයි

අලුත් අවුරුදු කාලසීමාව තුළ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 150 ඉක්මවාගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව පසුගිය 10 වැනිදා සිට 13 වැනිදා දක්වා කාලසීමාවේ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 159 ක ආදායමක් උපයා ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්.අයි.ඩී. කහටපිටිය සඳහන් කර සිටියේය.

එමෙන්ම එම කාලසීමාව තුළ රථවාහන ලක්ෂ 43 ක් අධිවේගී මාර්ගවල ධාවනය කර ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *