ශ්‍රී ලංකා – අමෙරිකා කාන්තා තීරණාත්මක තරගය අද

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම මුහුණදෙන ඉතාම තීරණාත්මක තරගයක් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් 10ක් කාණ්ඩ දෙකක් යටතේ තරග වදින මේ තරගාවලියේ විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් හිමිවෙන්නේ කණ්ඩායම් දෙකකට පමණි.

ඒ නිසා මේ තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඉතාම වැදගත් වනු ඇත.

මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දුන් තරග තුනකට මුහුණ දී අපරාජිතව මෙම තරගය සඳහා මුහුණ දෙන අතර ඇමරිකා කාන්තා කණ්ඩායම මුහුණ දුන් තරග තුනම මේ වනවිට පරාජයට පත් වී ඇත.

මේ තරගය අබුඩාබි නගරයේ ටොලරන්ස් ඕවල් ක්‍රීඩාංගණයෙදි අද රාත්‍රී 9 ට ආරම්භ වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *