‘ලාෆ් ගෑස්’ ‘ලිට්‍රෝ’ ගිය පාරේ යයි

අද (3) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිලද පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ.

ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් අද (3) මේ බව නිවේදනය කළේය.

ඒ අනුව ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින්ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 110 කින් ද, පහළ පහළ යනු ඇත.

එම මිල පහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3840 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1542 ක් ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *