ඖෂධ අධිකාරියේ හිටපු CEO අධිකරණයට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මිට සුළු මොහොතකට පෙර අධිකරණයට ඉදිරිපත් කළේය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය විජිත් ගුණසේකරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (8) පැය 11 ක පමණ කාලයක් ප්‍රශ්න කළ අතර අනතුරුව ඔහු අත්අඩංගුවට ගනු ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *