දැඩි ආරක්ෂාවක් මැද ඔලිම්පික් ගිනිසිළුව ප්‍රංශයට

පැරිස් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට දින 79කට පෙර ඔලිම්පික් ගිනිසිළුව දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ ප්‍රංශයේ දකුණු වරාය නගරයක් වන මාර්සෙයිල් වෙත ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ග්‍රීසියේ සිට දින 12 ක සංචාරයකින් පසු වසර 128 ක් පැරණි බෙලෙම් නැමති ත්‍රිමාණ රුවල් නෞකාවේ සිට පන්දම ගොඩබෑමට ගෙන ගියේ ප්‍රංශයේ 2012 ඔලිම්පික් පිරිමි මීටර් 50 නිදහස් ආර පිහිනුම් ශූර ෆ්ලොරන්ට් මැනෝඩෝ විසිනි.

පසුව එය ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඇතුළු 150,000ක ජනතාවක් ඉදිරියේ 2016 දී පැරාලිම්පික් මීටර් 400 ශූරයා වූ මලල ක්‍රීඩිකාවක් වන නැන්ටනින් කීටා වෙත භාර දී තිබෙයි.

අදහස් දක්වමින් ප්‍රංශ ජනාධිපතිවරයා සඳහන් කළේ මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල ප්‍රංශ ජනතාවගේ දැකගත හැකි වීම භාග්‍යයක් බවයි.

ඔලිම්පික් ගිනි සිළුව අද(09) මධ්‍යධරණී වෙරළබඩ නගරයෙන් පිටත් වී ප්‍රංශය වටා ගොස් ජූලි 26 වන දින සමාරම්භක උත්සවය සඳහා පැරිසියට ගෙන ඒමට නියමිතය.

මේ ඓතිහාසික අවස්ථාවට බෝට්ටු 1,000කට වැඩි ප්‍රමාණයකින් මාර්සෙයිල් වරාය වෙත එක්කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මර්සෙයිල් නගරය මේ වනවිට පෙර නොවූ විරූ ලෙස විශාල ආරක්‍ෂිත තත්ත්වයන් යටතේ පවතින බවයි වාර්තා වෙයි.

උපුටා ගැනීම – දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *