කල්කටා පිල අවසන් තරගයට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගයෙන් ජය හිමිකරගත් කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අවසන් මහා තරගයේ තම ස්ථානය තහවුරු කරගත්තේය.

ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමිනි.

අහමදාබාද්හි පැවති එම තරගයේ කාසියේ වාසියේ දිනූ හයිද්‍රාබාද් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි සන්රයිසස් කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 39කදී දවා ගැනීමට කල්කටා කණ්ඩායම සමත්විය.

රාහුල් ත්‍රිපති පන්දු 35කදී ලකුණු 55ක් රැස්කළ අතර හෙන්රිච් ක්ලාසන් ලකුණු 32ක් රැස්කරගත්තේය.

කෙසේවෙතත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 3කදී සියලුදෙනා දැවි රැස්කරගත හැකිවූයේ ලකුණු 159කි.

මිචෙල් ස්ටාර්ක් ලකුණු 34 ට කඩුලු 3 ක් දවාගත් අතර වරුන් චක්‍රවර්ති ලකුණු 26කට කඩුලු 2 ක් දවාගත්තේය..

වෙන්කටේෂ් අයියර් පන්දු 28කදී ලකුණු 51ක් රැස්කළ අතර ශ්‍රෙයාස් අයියර් පන්දු 24කදී ලකුණු 58ක් රැස්කළේය.

ඒ අනුව මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම IPL අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් සිව්වන අවස්තාව මෙයයි.

මීට පෙර අවසන් මහා තරගයකට කල්කටා කණ්ඩායම ක්‍රීඩා කළේ 2021 වසරේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *