අයර්ලන්තයට එරෙහි දෙවැනි තරගය අද

ශ්‍රී ලංකා කාන්තා පිල අයර්ලන්තයට එරෙහිව සිය මංගල විස්සයි 20 තරගාවලිය ජයගැනීමේ අරමුණින් අද රාත්‍රී 8.30ට ඩබ්ලින් නුවර ක්‍රීඩාංගණයේ තරග වැදීමට නියමිතය.

අනුෂ්කා සංජීවනීගේ නායකත්වයෙන් අයර්ලන්තය සමග විස්සයි20 තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කාන්තා පිල පෙරේදා මේ ක්‍රීඩාංගණයේදීම පැවැති පළමු තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කළේය.

තරගාවලියේ පළමු තරගයෙන් හර්ෂිතා සමරවික්‍රම පන්දු 45කින් නොදැවී ලකුණු 86ක් රැස් කළ අතර ඇය පසුගියදා නිමාවට ප්තවුණු ආසියානු කුසලාන තරගාවලියේ ජයග්‍රහනය කරා ගෙන ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන යෑම සඳහා සුවිශේෂී දායකත්වයක් දැක්වූ ක්‍රීඩිකාවකි.

ශ්‍රී ලංකා කාන්තා පිල විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ 6 වැනි තරගාවලි ජය හඹා යන අතර, මීට පෙර ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, එංගලන්තය හා දකුණු අප්‍රිකාව පරාජය කිරීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *