තෙවැනි වරටත් මාසයේ ICC කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය චමරිට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු 2024 ජුලි මාසයේ ICC කාන්තා ක්‍රීඩිකාව වීමට සමත්ව ඇත.

ඇයත් සමග නිර්දේශ වූ ඉන්දියාවේ ආරම්භක පිතිකරුවන් වන ස්මිති මන්දනා සහ ශෆාලි වර්මා අභිබවා යමින් චමරි මෙලෙස ජූලි මාස‍ේ ක්‍රීඩිකාව වීමට සමත්වීම විශේෂත්වයකි.

මෙය 34 හැවිරිදි ඇයට හිමිවන තුන්වන ICC කාන්තා ක්‍රීඩිකාව සම්මානය වන අතර, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකා හේලි මැතිව්ස්ද ICC කාන්තා ක්‍රීඩිකාව සම්මානය තුන්වරක් හිමිකරගෙන ඇත.

ඕස්ට්‍රේලියාවේ Ashleigh Gardner සිව් වතාවක් මෙම සම්මානය හිමිකම් කියා තිබේ.

එහිදී අදහස් දක්වමින් ඇය සඳහන් කර ඇත්තේ, “මාසයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස තෙවැනි වරටත් තේරී පත්වීම ගැන මම සතුටු වන අතර ගෞරවයට පාත්‍ර වන අතර මගේ කණ්ඩායමේ සගයන්ගේ සහ පුහුණුකරුවන්ගේ සහයෝගයෙන් ලබා ගත් මගේ උත්සාහය මෙලෙස අඛණ්ඩව ඇගයීමට ලක්වීම සතුටට කරුණක්” යනුවෙන් ඇය සඳහන් කළාය.

එමෙන්ම මෙම ජයග්‍රහනය දහස් ගණන් ගැහැණු ළමයින්ට ධනාත්මක පණිවිඩයක් වනු ඇති බවට තමන් විශ්වාස කරන බවද චමරි පැවසූවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *