මෛත්‍රීපාලට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කරයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ජුනි මස 12 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද (29) නියෝග කළේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ගොනු කළ පැමිණිල්ල කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන ඉදිරියේ යළි කැඳවනු ලැබූ අවස්ථාවේ විනිසුරුවරයා එම නියෝගය නිකුත් කළේය.

ශ්‍රීලනිප ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති බව හිටපු ජනාධිපතිනිය සිය පැමිණිල්ලෙන් කියා සිටියි.

ඒ අනුව සිරිසේනට අදාළ තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ගොනු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *