වෛද්‍ය කපිලගේ පෙත්සම සලකා බලන්න දින දෙයි

තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දුන් නියෝගය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 04 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදීගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම අද (30) කැඳවනු ලැබීය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේශ එන්නත් මිලදීගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව පොදු දේපොළ පනත යටතේ නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා ඔහු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *