දඹුල්ල තන්ඩර්ස් හිමිකරු තමීම් යළි රිමාන්ඩ්

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ , දඹුල්ල තන්ඩර්ස් හි හිමිකරු තමීම් රහමන් ජුනි 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (31) නියෝග කළේය.

සැකකරු තරග පාවාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ සම්පූර්ණ දුරකථන සංවාදය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරයා දැනුම් දුන්නේය.

බංග්ලාදේශ සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වන තමීම් රහ්මාන් LPL 2024 ක්‍රීඩක වෙන්දේසියෙන් දිනකට පසු තරග පාවාදීමේ චෝදනාවකට පසුගිය මැයි 22 වන දින කටුනායක ගුවන් තොටුපළේදී සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩාවට අදාළ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් තමීම් රහමන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂත බන්ධනාගාර ගත කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *