ආහාර උද්ධමනය සියයට බිංදුවයිලු

කොළඹ ආහාර උද්ධමනය බිංදුවක් වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 අප්‍රේල් මාසයේ වාර්තා වූ 1.5% හි සිට 2024 මැයි මාසයේ දී 0.9%ක් දක්වා පහළ යන ලදී.

මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 අප්‍රේල් මාසයේ වාර්තා වූ 2.9% හි සිට 2024 මැයි මාසයේ දී 0.0% ක් දක්වා පහළ ගොස් තිබීම විශේෂත්වයකි.

මේ අතර 2024 අප්‍රේල් මාසයේ දී 0.9% ක්ව පැවති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2024 මැයි මාසයේ දී 1.3% ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *