විජයදාසට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තව දුරටත් දීර්ඝ ලෙස කොළඹ දිසා අධිකරණය අද (03) නියෝග කළේය.

පැ මිණිල්ල අද කොළඹ දිසාව විනිසුරු සඳුන් විතාන ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම පැමිණිල්ලේ විභාගය කොළඹ අතිරේක දිසාව විනිසුරු චමරි වීරසුරිය හමුවට යොමු කරන බව ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව නඩුව එම විනිසුරුවරිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජයමුදිතා ජයසූරිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව විරෝධතා ගොනුකිරීමට කල් ලබාදුන් විනිසුරුවරිය නඩුව නැවතත් ලබන 14 වනදා කැඳවන ලෙසත් දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය එදින දක්වා දීර්ඝ කරන ලෙසත් නියෝග කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *