අනධ්‍යයන සේවක වර්ජනය තවදුරටත්

සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මක කරන බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනය පවසයි.

එහි සමලේකම් කේ.එල්.ඩී රිච්මන් සඳහන් කළේ, සිය වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් සමග කළ සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බවය.

“ඒ් අනුව මැයි 2 ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය තවමත් ක්‍රියාත්මකය.

ඊයේ දිනයේ රාජ්‍ය අමාත්‍ය රාඝවන් සමග සාකච්ඡා වට දෙකක් පැවත්වු බවත් ඒහිදී රජය පැත්තෙන් විසඳුම් ලබා දෙන බවට යෝජනා ඉදිරිපත් වී ඇත.

එහෙත් අවසාන විසඳුම ලෙස ඊට ලිඛිතව විසඳුම් අවශ්‍ය බවත්ම‍ෙ චක්‍රලේඛය ලබාදුන් වහාම අපි වැඩවර්ජනය අවසන් කිරීමට බලාපොරොත්තු වෙන බවද සම ලේකම්වරයා පවසා සිටී.

ඒ් වනතෙක් වැඩවර්ජනය 34 දිනටත් අද ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *