T20 WC – 2024 : නෙදර්ලන්තය ට ජය

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2024 හත්වැනි තරගය ඊයේ (04) නේපාලය සහ නෙදරලන්තය අතර පැවැති අතර එය කඩුලු 6කින් ජය ගෙන ගැනීමට නෙදර්ලන්තය සමත්විය.

තරගාවලියේ ඩී කාණ්ඩයේ මූලික වටයේ තරගයක් වූ මෙය පැවැත්වුණේ, අමෙරිකාවේ ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේයි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් නේපාල කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 2ක් තුළ සියළු ක්‍රිීඩකයින් දැවී ලකුණු 106ක් රැස් කළේය.

නායක රෝහිත් පවුඩෙල් ලකුණු 35ක් ලබා ගැනීමට සමත් වූ අතර ඒ එම කණ්ඩායම වෙනුවෙන් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවද වේ.

ටිම් ප්‍රින්ගල් සහ ලෝගන් වෑන් බික් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

ඒ අනුව ලකුණු 107ක ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්තය පන්දුවාර 18යි පන්දු 4ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී සිටියදී තරගය ජය ගත්තේය.

ආරම්භක පිතිකරු මැක්ස් ඔ ඩවුඩ් නොදැවී ලකුණු 54ක් රැස් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *