T20 WC – 2024 : ඉන්දියාවට ලකුණු 06 ක ජයක්

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය – 2024 පකිස්තානය සහ ඉන්දියාව අතර ඊෙය් (09) පැවති තරගය ලකුණු 6කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

නිව්යෝර්ක්හි නාසාවූ කවුන්ටි ක්‍රීඩාංගණයේදී තරගය වර්ෂාව නිසා ප්‍රමාදවී ආරම්භ කළ අතර
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 19ක් තුළ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු සංඛ්‍යාව 119ක් පමණි.

ඉන්දියානු පිල වෙනුවෙන් රිෂාබ් පාන්ට් ලකුණු 42ක් රැස් කල අතර ඇක්සර් පටෙල් ලකුණු 20 ක් ලබා ගත්තේ ඒක් හයේ පහරක් සහ හතරේ පහර දෙකක් සමගිනි.

පාකිස්තාන පන්දු යවන්නන් සුපිරි පන්දු යැවීමක නිරත වුණු අතර නසීම් ශා සහ හාරිස් රවුෆ් කඩුලු 3 බැගින් දවා ගත්තේය. එමෙන්ම මොහොමඩ් අමීර් කඩුලු දෙකක් සහ ශාහීන් ෂා අෆ්රිඩි එක් කඩුල්ලක් බිඳ හෙලුවේය.

ලකුණු 120ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි පකිස්තාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20තුළ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 113ක් පමණයි.

මොහොමඩ් රිස්වාන් ලකුණු 31ක් රැස් කළේ ය.

ජස්ප්‍රිත් බූම්රා ලකුණු 14ට කඩුලු 3ක් දවා ගත් අතර හාර්දික් පාන්ඩ්‍යා. කඩුලු දෙකක් දවා ගත්තේය. පන්දු 14 ක් තුලදී කඩුලු 03 ක් දවා ගත් ජස්ප්‍රිත් බුම්රා හට තරගයේ වීරයා සම්මානය හිමිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *