ඉන්දියාවට එරෙහි තරගාවලියට නුවන් තුෂාරත් නැහැ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ඊයේ (24) පල්ලෙකැලේ පැවති පන්දු රැකීමේ පුහුණු සැසියකදී ඇඟිල්ලක ඇතිවූ ආබාධ තත්වයක් නිසා ඉන්දියාවට එරෙහි තරගාවලියට ක්‍රීඩා නොකරනු ඇත.

වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරත් අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙවර තරගාවලියට සහභාගි නොවනු ඇතැයි පසුගියදා වාර්තා විය.

මේ හේතුවෙන් තුෂාර වෙනුවට ඩිල්ෂාන් මධුශංක ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *