ප්‍රංශයේ හදිසි මැතිවරණයක් : පාර්ලිමේන්තුව විසුරුවයි

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.

ඒ අනුව මැතිවරණයේ පළමු වටය එළඹෙන ජුනි 30 සහ දෙවන වටය ජූලි 7 වන දා පැවැත්වීමට නියමිතය.

මැක්රොන් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ජාතිය අමතමින් ඒ බව දැනුම් දීමෙන් පසුවය.

ප්‍රංශය තුළ අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු ඡන්දයේ දී ජයග්‍රහණය කිරීම හේතුවෙන් ප්‍රංශ ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මැතිවරණයෙන්, ප්‍රංශ ජනාධිපති මැක්රොන්, ජර්මන් චාන්සලර් ඕලාෆ්, ඔස්ටි්‍රයානු චාන්සලර් කාර්ල් නෙහැමර් පරාජයට පත් වූහ.

එම මැතිවරණ පරාජය සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවීමටත්, කඩිනමින් මැතිවරණයකට යෑමටත් තමන් තීරණය කළේ යැයි ප්‍රංශ ජනාධිපතිවරයා ජාතිය අමතමින් පැහැදිලි කර තිබේ.

විදෙස් මාධ්‍ය පෙන්වාදෙන පරිදි දෙවසරක ජනාධිපති ධූර කාලය තුළ, ජනාධිපති මැක්‍රොන් හට ප්‍රංශ පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැත. එවැනි තත්වයක් තුළ හදිසි මැතිවරණයක් කැදවීම විශාල විස්මයක් වන අතර ජනාධිපති මැක්‍රෝන්ට එය දැඩි අවදානමක් බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මේ අතර ජනතාව තමන්ට බලය ලබාදීමට තීරණය කරන්නේ නම් තමන් ඊට සූදානම් බව ප්‍රංශයේ ජාතික රැළිය පක්ෂයේ මාරීන් ලෙ පෙන් පවසා ඇත.

විදෙස් මාධ්‍ය වල සඳහන් වන පරිදි පැරිස් ඔලිම්පික් උළෙලට සති කිහිපයකට පෙර ඡන්දය වට දෙකක් ලෙස පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *