නැවතත් ජනපති වූ මදුරෝ ට විරෝධය

වෙනිසියුලාවේ පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් නිකලස් මදුරෝ තුන්වැනි වරටත් එරට ජනාධිපතිවරයා වශයෙන් පත්වීමට නියමිතය.

මෙය වසර 25 ක සමාජවාදී පාලනය අවසන් කිරීමේ විපක්ෂයේ බලාපොරොත්තු බිඳ දැමූ ප්‍රතිඵලයක් ලෙස වෙනත බටහිර රටවල් පවසා තිබුණු බව විදෙස් මාධ්‍ය වල සඳහන් වේ.

නමුත් මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් නිකුත්කළ පුරෝකථන වල සඳහන් වූයේ විපක්ෂය ඉදිරියෙන් සිටින බවයි.

ජාතික මැතිවරණ කවුන්සිලය කියා සිටියේ ඔහුගේ ප්‍රතිවාදියා වූ හිටපු රාජ්‍ය තාන්ත්‍රික එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් ගොන්සාලෙස්ගේ වඩා ඩ මදුරෝ මිලියන 5 කට ඡන්ද ලබාගෙන ඇති වගයි.

මදුරෝ ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සිය විරෝධය දැක්වීය.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසන්නේ මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඔවුන්ට බලවත් සැකයක් ඇති බවයි.

එමගින් වෙනිසියුලාවේ ජනතාවගේ සත්‍ය මතය පිළිබිඹු නොවන බව ඔහු පැවසීය.

ආජන්ටිනාව, පැරගුවේ, උරුගුවේ, පේරු, ඉක්වදෝරය, පැනමාව, කොස්ටරිකා, ග්වාතමාලා සහ ඩොමිනිකන් ජනරජය එම මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත්කරමින් පැවසුවේ ඔවුන් එය පිළිනොගන්නා බවයි.

කෙසේවෙතත් අගනුවර ආධාරකරුවන් අමතමින් නිකොලස් මදුරෝ පවසා සිටියේ මාව නැවතත් වෙනිසියුලාවේ ජනාධිපති ලෙස ජනතාව තෝරාගෙන තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය සහ අපගේ ජනතාව ආරක්ෂා කිරීමට මම බැඳී සිටිනවා. යනුවෙනි.

එමෙන්ම දිවංගත ජනාධිපති හියුගෝ චාවේස් වෙත ඔහු සිය ජයග්‍රහනය කැප කළේය.

වසර 2013 දී හියුගෝ චාවේස් ගේ අකල් මරණයට ටික කලකට පෙර මදුරෝව ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස නම් කළේය. “චාවේස්ට දීර්ඝායුෂ ලැබේවා. චාවේස් ජීවතුන් අතර!” මදුරෝ කෑගැසා පැවසූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *