T20 WC – 2024 : පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු පුහුණු තරගයන් ලකුණු 20ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණි.

ඒ නෙදර්ලන්ත කණ්ඩායම හමු වේ.

අමෙරිකාවේ ලොඩ්හිල් හිදි ඊයේ (28) පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට නෙදර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවි ලකුණු 181ක් රැස්කර ගත්තේය.

සුපිරි පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සහ මහීෂ් තීක්ෂණ ඊයේ දිනයේදී පන්දු නොයැවූ අතර එහිදි ඩිල්ෂාන් මධුෂංක ලකුණු 39ට කඩුලු දෙකක් දවා ගත්තේය.

ලකුණු 182ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5කදී සියලු දෙනා දැවි රැස්කරගත හැකි වූයේ ලකුණු 161ක් පමණි.

ශ්‍රී ලංකා මුල් පෙළ පිිතිකරුවන් අසාර්ථක වෙද්දි වනිඳු හසරංග පන්දු 15කට ලකුණු 43ක් රැස්කිරීමට සමත්වුණු වුණු අතර ඔහු 6 පහර 5ක් ලබා ගත්තේය.

දසුන් ශානක ලකුණු පන්දු 20කදී නොදැවි ලකුණු 35ක් රැස්කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 31ක් රැස් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු තරගය මැයි 31 වැනිදා අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *