ඩලස්ගේ – දයාසිරිගේ කණ්ඩායමක් සජිත් ගාවට..?

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ කණ්ඩායම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ කණ්ඩායම සමගි ජන බලවේගය සමග සන්ධාන ගතවීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බවත්, එම සාකච්ඡා සාර්ථක වනු ඇති බවට තමා විශ්වාස කරන බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසීය.

ඊයේ(17දා) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මෙලෙස අදහස් දක්වා සිටියේය.

“විවිධ කොටස් අපිත් සමග සාකච්ඡා කරනවා. අපේ අරමුණ විය යුත්තේ මේ පවතින පාලනය වෙනස් කිරීම වෙනුවෙන් පෙළගැස්ම. ඒ පෙළගැස්ම සඳහා බොහෝ දෙනෙක් ඒකතු වෙන්න ඉඩකඩ තිබෙනවා. විශේෂයෙන් ඒ ගැන සාකච්ඡා අදහස් හුවමාරු වෙමින් තිබෙනවා.

ඩලස් අපහප්පෙරුමගේ කොටසක් සමගි ජන බලවේගය සමග අත්වැල් බැඳ ගත්තා. සන්ධාන ගතවීමක් සිදු වුණා. ඒත් ඒක්කම ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමාගේ මූලිකත්වයෙන් තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ඉන්නවා.

අනාගතයේ ඔවුන් එකතු වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒත් ඒක්කම දයාසිරි ජයසේකර මහතත් එහෙමයි. දයාසිරි ජයසේකර මහතාත් තව කණ්ඩායමක් සමඟ සන්ධාන ගතවීම වෙනුවෙන් අදහස් හුවමාරු කරගනිමින් ඉන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *