ඉන්දියාව Semi Final යයි

ඉන්දීය කණ්ඩායම මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

ඒ , සුපිරි 8 දෙනාගේ වටයේ ඔස්ට්‍රේලියාව සමග පැවති තරගය ලකුණු 24කින් ජය ගනිමිනි.

මෙම තරගය ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

එහි කාසියේ වාසිය හිමිකර ගත් ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කෙළ්ය.

ඒ අනුව, නායක රෝහිත් ශර්මා සහ විරාට් කෝලි ඉනිම ආරම්භ කළ අතර කෝලි ලකුණු නොලබාම දැවී ගියේය.

රෝහිත් ශර්මා සහ රිෂාබ් පාන්ට් දෙවැනි කඩුල්ලට ලකුණු 87ක සබඳතාවක් ගොඩනැංවීමට සමත් වූ අතර රෝහිත් ශර්මා පන්දු 41කින් ලකුණු 92ක් රැස් කළේ ය.

රිෂාබ් පාන්ට් ලබාගත් ලකුණු ලකුණු 15ක් සහ සූර්යකුමාර් යාදෙව් ලකුණු 31ක් ලබා ගත්තේය.

මිචෙල් ස්ටාර්ක් සහ මාකස් ස්ටොයිනීස් අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 205කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ඩේවිඩ් වෝනර් ලකුණු 6කට දැවී ගියේය.

නායක මිචෙල් මාර්ෂ් ලකුණු 37ක් ලබා ගත්තේය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ට්‍රැවිස් හෙඩ් පන්දු 43කදී ලකුණු 76ක් රැස් කළේය.

සුපිරි පන්දු යැවීමක නිරත වු අර්ෂ්දීප් සිං කඩුලු 3ක් දවා ගත්තේය.

ලකුණු 206ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 181ක් පමණි. පන්දු 41 කදී ලකුණු 91 ලබා ගත් රෝහිත් ශර්මා තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *