දිල්ලි ගුවන් තොටුපොලේ වහලක් කඩා වැටෙයි

ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටීම හේතුවෙන් 3 දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා වල සඳහන් කරයි.

අද උදෑසන සිට ඇති වූ අධික වර්ෂාව සහ සුළඟ හේතුවෙන් එම ගොඩනැගිල්ලේ වහලේ කොටසක් මෙලෙස කඩා වැටී ඇත.

මේ හෙතුවෙන් අභ්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් පමණක් පවතින T1 හි ගුවන් ගමන් පිටත්වීම පස්වරු 2 දක්වා අත්හිටුවා ඇති අතර ගුවන් තොටුපල ක්‍රියාකරු විසින් එම ගුවන් ගමන් T2 සහ T3 වෙත මාරු කිරීමට කටයුතු කර ඇත.

කෙසේවෙතත් මෙම අනතුර හේතුවෙන් පෞද්ගලික මෝටර් රථ සහ ටැක්සි රථ කිහිපයකට හානිවී තිබුණි.

මේ වනවිට සහන කණ්ඩායම් අනතුරට ලක්වූ තවත් අය සිටීදැයි සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

X හි සටහනක් තබමින් සිවිල් ගුවන් සේවා අමාත්‍ය කේ රාම්මෝහන් නායිදු කියා සිටියේ තමන් තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවත් තුවාල ලැබූවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහලවලට මාරු කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *