පාකිස්තානයේ වඳුරු උණ ආසාධිතයින් ඉහළට

වඳුරු උණ වයිරසය ආසාදිත තවත් පුද්ගලයකු පාකිස්තානයෙන් හඳුනා ගැනීමටත් සමඟ එරට වඳුරු උණ ආසාදිතයන්ගේ ගණන 4 දක්වා ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊයේ (01) පාකිස්තානයේ පෙෂාවර් නුවරින් සිවුවැනි වඳුරු උණ රෝගියා හමු වී ඇති අතර, 47 හැවිරිදි මේ පුද්ගලයා මැද පෙරදිග රටකින් පැමිණි අයකු බවට හඳුනාගෙන ඇත.

මේ වන විට රෝගියා හුදෙකලා කර ඇතැයි ද, ඔහු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ අය පිළිබඳ සොයමින් සිටින බව ද වාර්තා වේ.

එමෙන්ම පිලිපීනයෙන් ද තවත් ආසාදිතයන් තිදෙනකු හඳුනාගෙන ඇති අතර ඉන් ආසාදිතයන්ගෙන් දෙදෙනකු මැනිලා අගනුවරින් ද, තවත් ආසාදිතයකු කලබර්සොන් ප්‍රාන්තයෙන් ද වාර්තා වී ඇත.

මේ අතර ලොව පුරා දරුණු වසංගතයක් බවට පත්වීමට පෙර වඳුරු උණ වයිරසය පාලනය කිරීමේ අරමුණින් යුනිසෙෆ් ආයතනය වඳුරු උණ එන්නත් මිලදී ගැනීම සඳහා හදිසි ටෙන්ඩර් කැඳවීමක් සිදු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *