මෙරට කාන්තාවන්ගෙන් 50% කට ස්ථූලතාවය

මෙරට කාන්තාවන්ගෙන් 50% ක් පමණ ස්ථූලතාවයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසයි.

එහි සභාපති වෛද්‍ය තිමති වික්‍රමසේකර පැවසුවේ ළමුන් අතර ද ස්ථුලතාවය ඉහළ යමින් පවතින බවය.

හැම වෙලාවෙම අපි මන්දපෝෂණය ගැන තමයි අවධානය යොමු කරන්නේ. “අපි මේ ස්ථුලතාවය කියන කාරණය අමතක කරලා තියෙන්නේ. එහෙත් කාන්තාවන්ගෙන් 50කට ආසන්න ප්‍රමාණයක් අධි බර සහ ස්ථුලතාවය. ළමා ස්ථූලතාවයත් වැඩිවීගෙන යනවා. ඒ නිසා අලුත් පර්යේෂණ දත්ත පද්ධතියක් ලංකාවට අවශ්‍යයි.”

වෛද්‍ය තිමති වික්‍රමසේකර වැඩිදුරටත් සදහන් කළේ මේ වන විට මෙරට මන්දපෝෂණ තත්ත්වය අඩු වුවද අධි පෝෂණය ඉහළ ගොස් ඇති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *