නැපෝලියන් බොනපාට්ගේ පිස්තෝල වලට වෙන්දේසියේදි වාර්තා ගත මිලක්

ප්‍රංශ අධිරාජ්‍යයා වූ නැපෝලියන් බොනපාට් සතු වූ පිස්තෝල දෙකක්,ප්‍රසිද්ධ වෙන්දේසියේ දී යුරෝ මිලියන 1.69 (පවුම් මිලියන 1.4) කට අලෙවි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පැරිස් නගරයේ ජීවත් වුණු තුවක්කු නිෂ්පාදකයෙකු වන ලුවී-මරින් ගොස්සෙට් විසින් නිර්මාණය කරන ලද මෙම ආයුධ යුරෝ මිලියන 1.2 ත් 1.5 ත් අතර මුදලට අලෙවි වනු ඇතැයි අපේක්ෂා කර තිබිණි.

1814 දී නැපෝලියන් ෆොන්ටයින්බ්ලූ මාලිගය අසලදී මෙම තුවක්කු භාවිත කරමින් සිය දිවි නසා ගැනීමට උත්සාහ කළ පැවසේ.

කෙසේවෙතත් ප්‍රංශයේ සංස්කෘතික අමාත්‍යාංශය විසින් මෑතකදී මෙම තුවක්කු ජාතික වස්තු ලෙස නම් කළ අතර ඉන් අනතුරුව මෙම පිස්තෝල අලෙවිය සිදුව ඇත.

ඒ අනුව නව හිමිකරුගෙන් එම පිස්තෝල මිලදී ගැනීම සඳහා ප්‍රංශ රජයට මාස 30ක කාලයක් හිමිවෙයි.

මෙම තුවක්කුවල පැතිකඩෙහි රන් රිදී ඔබ්බවූ නැපෝලියන්ගේ කැටයම් කළ රූපයක්ද ඇති බව සඳහන් වේ.

නැපෝලියන් සිහිවටන ඉතා ඉහළ ඉල්ලුමක් ඇති අතර ඔහුගේ පැලදුම් වල කොටසක් බවට පත් වූ තොප්පියක් පසුගිය නොවැම්බර් මාසයේදී යුරෝ මිලියන 1.9 කට අලෙවි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *