පොලිස්පති, මුද්‍රණාලාධිපති සහ තැපැල්පති මැතිවරණ කොමිසමට

ජනාධිපතිවරණයට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා පොලිස්පතිවරයා රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේ, ජනාධිපතිවරණයට අදාළ මූලික කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් අදාළ පාර්ශව මැතිවරණ කොමිසම වෙත කැඳවා ඇති බවය.

ඒ අනුව රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයා අද(09) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණීමට නියමිතව තිබේ.

පොලිස්පතිවරයා ඉදිරි දින කිහිපය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ බලය ලබන 17 වන දිනෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවට හිමිවන අතර ඊට පෙර ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන මූලික කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *