සැම්සුන්ග් සේවකයින් උද්ඝෝෂණයක

දකුණු කොරියාවේ සුවිශාල තාක්ෂණික සමාගමක් වන සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් ආයතනයෙහි සාමාජිකයින් 30,000 ක් පමණ දින නියමයක් නොමැතිව වැඩ වර්ජනයක නිරත වන බව විදෙස් මාධ්‍ය පවසා සිටී.

ජාතික සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සංගමය (එන්එස්ඊයූ) විසින් මහා වැඩ වර්ජනයේ දියත් කර තිබේ.

විදෙස්වැ මාධ්‍ය වල සඳහන් වන පරිදි වැටුප් වැඩි කිරීම සහ සේවා මුර සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවට ඔවුන් දිගින් දිගටම සිය පාලනාධිකාරියට දන්වා ඇත.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දීමට තරම්වත් කළමනාකාරීත්වය කිසිදු උත්සහායක් නොදැක්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සංගමය පෙන්වාදෙයි.

දකුණු කොරියාවේ සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් හි කම්කරුවන්ගෙන් හතරෙන් එකක් පමණ NSEU වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හා එක්ව සිටින බැවින්, මේ වනවිට නිෂ්පාදන ක්‍රියාවලීන් අඩාල වී ඇති බව විදෙස් මාධ්‍ය වල සඳහන් වේ.

කෙසේ වෙතත්, එම සංගමය පැවසුවේ, “පළමු මහා වැඩ වර්ජනයෙන් පසුව පවා සංවාදයක යෙදීමට සමාගමට අදහසක් නැති බවයි. ,

එබැවින් ජූලි 10 වනදා සිට දින නියමයක් නොමැතිව අඛන්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවද ඔවුන් පෙන්වා දෙයි.

මේ වන විට කම්කරුවන් 6,500ක් පමණ වැඩවර්ජනයට සහභාගී වී ඇත. Samsung Electronics යනු ලොව විශාලතම SD කාඩ් , ස්මාර්ට්ෆෝන් සහ රූපවාහිනී නිෂ්පාදකයා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *