ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට ඊයේ (24) සුදුසුකම් ලබා ගත්හ.

ඒ, තායිලන්තයට එරෙහිව පැවැති තරගය කඩුලු 10කින් ජය ගනිමිනි.

පළමුව පන්දුවට පහරදීමට කාසියේ වාසිය හිමි කරගත් තායිලන්ත කණ්ඩායම තීරණය කළේ ය.

ඔවුන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 93ක් පමණි.

පන්දු යැවීමේදී කවීශා දිල්හාරි ලකුණු 13 කදී කඩුලු දෙකක් දවා ගත් අතර අචිනි කුලසූරිය, සුගන්දිකා කුමාරි, ඉනෝෂි ප්‍රියදර්ශනි, සහ චමරි අතපත්තු අතර කඩුලු 01 බැගින් බෙදී ගියේය.

ලකුණු 94 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නායක චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න පන්දු වාර 11.3 කදී ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට සමත්විය.

ඒහිදී චමරි අතපත්තු නොදැවී ලකුණු 49ක් රැස් කළ අතර විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 39ක් රැස් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *