LPL – 2024 : පළමු තරගයේ ජය කැන්ඩි පිලට

ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (01) පැවැති පළමු තරගය ජයගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් විය.

ඒ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම කඩුලු 06කින් පරාජයට පත් කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට ආරාධනා කළේය.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 179ක් ලබා ගැනීමට සමත්විය.

මාර්ක් චැප්මන් නොදැවී ලකුණු 91 ක් ලබා ගත් අතර චමිදු වික්‍රමසිංහ නොදැවී ලකුණු 62 ක් ලබා ගනිමින් දඹුල්ල ඉනිම ශක්තිමත් කළේය.

ඒ අනුව ලකුණු 180ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 02ක් අවසානයේ ලකුණු 183ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.

පන්දු 15 දී නොදැවී ලකුණු 46 ක් සහ පන්දු යැවීමෙන් ලකුණු 20 කට කඩුලු 03 ක් දවා ගත් දසුන් ශානක තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *