LPL – 2024 අද පල්ලෙකැලේදී ඇරඹේ

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය අද (01 වැනිදා) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ සමාරම්භක උත්සවය අද පස්වරු 6.15ට ඇරඹීමට නියමිතයි.

පළමු තරගය හිටපු ශූරයින් වන මහනුවර කණ්ඩායමත්, අනුශූරයින් වන දඹුල්ල කණ්ඩායමත් අතර අද පස්වරු 7.30ට ඇරැඹෙන අතර මෙවර තරගාවලිය සඳහා මෙවර කණ්ඩායම් 5ක් තරග වැදීමට නියමිතය.

පළමු අදියර අද සිට ජූලි 3 වැනිදා දක්වා පල්ලෙකැලේ දී පැවැත්වෙන අතර, එය ජූලි 6 වැනිදා සිට ජූලි 10 වැනිදා දක්වා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට ද, අවසානයේ ජූලි 13 වැනිදා සිට ජූලි 21 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

අවසන් මහා තරගය ජූලි 21 වෙනිදා පැවැත්වීමට නියමිතව ඇත.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු අදියරේ තරග

July 1- Kandy Falcons Vs Dambulla Sixes 7.30pm

July 2 – Jaffna Kings Vs Galle Marvels 3pm

Colombo Strikers- Vs Kandy Falcons 7.30pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *