ඔලිම්පික් ක්‍රීඩා උළෙල අදින් ඇරඹෙයි

ඔලිම්පික් ක්‍රීඩා උළෙල නිල වශයෙන් අද සිට ආරම්භ වෙයි.

අගෝස්තු 11 වනදා තෙක් ප්‍රංශයේ නගර 16ක් කේන්ද්‍රකර ගනිමින් එය පැවැත්වීමටකටයුතු යොදා තිබේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10500කට ආසන්න පිරිසක් සහභාගී වන බව ඔලිම්පික් උළෙල සංවිධායකයින් පවසා සිටී.

33 වන වරට පැවැත්වෙන ක්‍රීඩා උළෙලේ සමාරම්භක සහ සමාප්ති අවස්ථාවල දී සාම්ප්‍රධායික නර්තනාංග කිහිපයක්ම එක් කිරීමටයි ප්‍රංශ ක්‍රීඩා බලධාරීන් සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු ඔලිම්පික් උළෙලට සහභාගී වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *