දිස්ත්‍රික් මැතිවරණ තේරීම්භාර නිලධාරීන් මැ. කොමිසමට

ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සඳහා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් මැතිවරණ කොමිසම හමුවට කැඳවීමට නියමිතය.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ, එළැඹෙන සෙනසුරාදා සවස 03 ට මැතිවරණ කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.

මේ අතර, නාම යෝජනා භාර දීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ ලේකම්වරු සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *