ආසියාව දිනූ අපේ කෙල්ලෝ

ඓතිහාසික සලකුණක් එක් කරමින් චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (28) ආසියානු කුසලානය දිනා ගත්තේය.

ප්‍රබල ඉන්දියාව කඩුළු 8කින් පරාජය කරමින් චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ආසියානු කුසලානය දිනා ගන්නා ලද්දේ අපරාජිතවයි.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාවනියමිත පන්දු වාර 20 අවසන්වෙද්දී කඩුලු 06 ක් දැවී ලකුණු 165 ක් ලබා ගැනීමට සමත්විය.

ස්ම්‍රිති මන්දනා ඉන්දීය ඉනිම හැඩ කරමින් ලකුණු 60ක් ලබා ගත්තේ පන්දු 47කිනි.

රීචා ගෝෂ් හා ජෙමිමා රොද්රිග්ස් ප්‍රවේගවත් ඉනිම් ක්‍රීඩා කරමින් පිළිවෙලින් ලකුණු 30ක් සහ 29ක් රැස් කළා ය.

ජයග්‍රණය බලපොරොත්තුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙසින් විශ්මි ගුණරත්න එක් ලකුණකට දැවී ගිය අතර නායක චමරි සහ හර්ෂිතා සමරවික්‍රම දෙවැනි කඩුල්ලට ලකුණු 87ක වටිනා සබඳතාවයක් ගොඩනැගුවේය.

විස්සයි විස්ස තරගයකදී ශ්‍රී ලංකාවේ ඉහළම ලකුණු හඹා යාම වාර්තා කරමින් ජයග්‍රහණය කරාගෙන යාමට හර්ෂිතා සහ කවීෂා දිල්හාරි සමත් විය.

හර්ෂිතාගේ ඉනිම හයේ පහර 2කින් සහ හතරේ පහර 6කින් හැඩවූ අතර ඇය නොදැවී ලකුණු 69ක් ලබා ගත්තේ පන්දු 51කිනි.

හයේ පහරකින් ශ්‍රී ලංකාවට මෙම ඓතිහාසික ජයග්‍රහණය ගෙන ආ කවීෂා පන්දු 16කින් නොදැවී ලකුණු 30ක් ලබා ගත්තා ය.

හර්ෂිතා සමරවික්‍රම අවසන් මහා තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත් අතර තරගාවලියේ වීරයා වූයේ ශ්‍රී ලංකා නායක චමරි අතපත්තුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *