පාකිස්තානයේ කාන්තා හිංසන ඉහළ ගිහින්

පාකි­ස්තා­නයේ කාන්තා ලිංගික හිංසන සහ ජාවා­රම් සැල­කිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි එරට මානව හිමි­කම් සංවි­ධාන වාර්තා මගින් හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

ඒ අනුව පසු­ගිය වසර තුන ඇතු­ළත පාකි­ස්තා­නයේ කාන්තා හිංසන සිදු­වීම් 63,000ක් වාර්තා වී ඇති අතර, එම සිදු­වී­ම්ව­ලින් 80%ක්ම ගෘහස්ථ හිංසන බව එම වාර්තා පෙන්වාදෙයි.

එ‌මෙන්ම බාල­ව­ය­ස්කාර දැරි­යන් බල­හ­ත්කා­ර­යෙන් විවාහ කර­දීමේ සිදු­වීම් ද එම වර්ගී­ක­ර­ණ­යට ඇතු­ළත් බවත්, මේ පිළි­බඳ එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ අව­ධා­න­යත් යොමු වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *