නාමල් ඉල්ලා අස් වෙයි

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉල්ලා අස්වී තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (08) පාර්ලිමේන්තුවට මේ බව දැනුම් දී ඇත.

පුරප්පාඩු වූ කාරක සභා ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමණාත් සී දොලවත්ත පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ එම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *