අම්මා ආපහු බංග්ලාදේශය යන්නේ නෑ

සිය මව නැවත බංග්ලාදේශයට නොපැමිණෙන බවත්, ඇය යළි දේශපාලනයට එක් නොවන බව බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය ශෙයික් හසීනාගේ පුත්‍රයා වන සජීබ් වසීඩ් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

සජීබ් වැඩිදුරටත් කියා සිටියේ “බංගලාදේශය සංවර්ධිත රටක් බවට පත් කිරීම ඇයගේ සිහිනය වූ අතර, සටන්කාමීන්ගෙන් සහ ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කර ගනිමින්, පසුගිය වසර 15 තුළ ඇය ඒ සඳහා වෙහෙස මහන්සි වී වැඩ කළා, ඒ සියල්ල තිබියදීත්, විපක්‍ෂය, සටන්කාමීන් දැන් බලය අල්ලාගෙන ඇති බවයි.

ඇය බංග්ලාදේශයෙන් පිටව ගියේ රටේ වීදිවල ලේ වැගිරීමට අකමැති නිසා බව විදෙස් මාධ්‍ය වල වාර්තා කර ඇත.

මව ඇතුළු සිය පවුල හැකි සෑම අවස්ථාවකදීම බංග්ලාදේශය රැක ගැනීමට කටයුතු කළ බවත්, සිය මව බංග්ලාදේශය උඩුයටිකුරු කරමින් එරට ආර්ථිකය පෙර නොවූ විරූ අයුරින් සංවර්ධනය කළ බවත් සජීබ් වසීඩ් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සිය මව බංග්ලාදේශය භාර ගන්නා විට එරට ඉතා දිළිඳු රටක් ලෙස පැවැති බව කී ඇගේ පුත්‍රයා අද වන විට බංග්ලාදේශය ආසියාවේ නැඟී එන ආර්ථිකයකට හිමිකම් කියන රටක් බවට පත් කිරීමේ ගෞරවය මවට හිමිවිය යුතු බව ද ප්‍රකාශ කර තිබේ.

‘අපේ පවුල අසීරු අවස්ථා තුනකට මුහුණ දුන්නා. හමුදා කුමන්ත්‍රණ තුනකට ගොදුරු වුණා. අපේ වැඩ කටයුතු දැන් ඉවරයි. දැන් බංග්ලාදේශයේ පාලනය ඔවුන්ටම භාරයි.‘ හසීනාගේ පුත්‍රයා එසේ සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *