ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අර්බුදයක

ඡන්ද මධ්‍යස්ථානයක් සකස් කිරීමේදී ඊට අවශ්‍ය සේවකයින් සහ පහසුකම් සපයා ගැනීම ගැටලුවක් වී ඇති බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් එම්. කේ. ජී. ජගත් චන්ද්‍රලාල් සඳහන් කළේ මීට පෙර පැවති ඡන්ද විමසීමට වඩා මෙවර සේවකයකුට ලබාදිය යුතු දෛනික දීමනාව තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවය.

ඡන්ද මධ්‍යස්ථානයක් සකස්කිරීමට අවශ්‍ය පරිදි ප්‍රමාණවත් දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එම්. කේ. ජී. ජගත් චන්ද්‍රලාල් වැඩිදුරටත් පෙන්වාදෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *