ඉන්දියාවේ චොප්රාව දෙවැනි තැනට ඇද දැමූ පාකිස්තානයේ ලෝක ශූර අර්ෂාඩ්

ඔලිම්පික් ඉතිහාසයේ පාකිස්තානය ලද පළමු ජවන හා පිටිය පදක්කම රන් පදක්කම දිනා ගත් ක්‍රීඩකයා ලෙසින් අර්ෂාඩ් නදීම් ඉතිහාසයට එක්විය.

ඒ් හෙල්ල විසි කිරීමේ පිරිමි අවසන් මහා තරගයේ සිය දෙවන උත්සාහයේදීම මීටර 92.97ක දුරක් වාර්තා කරමින් එම ඉසව්වේ වසර 16ක් පැරණි ඔලිම්පික් වාර්තාව බිඳ දමමින්ය.

27 හැවිරිදි ඉන්දියාවේ වත්මන් ශූර නීරාජ් චොප්රා දෙවැනි ස්ථානයට පත් කරමින් අර්ෂාඩ් නදීම් මෙලෙස රන් පදක්කම දිනා ගැනීමද විශේෂත්වයකි.

නදීම්ගේ ජයග්‍රහණය ඔලිම්පික් තරග අටකට සහභාගි වී පාකිස්තානය විසින් දිනාගත් පළමු පදක්කම ‍ලෙස ඉතිහාස පොතට එක්වුණු අතර 1992 දී පිරිමි හොකී කණ්ඩායම ස්පාඤ්ඤයේ බාර්සිලෝනාහිදී ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.

පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් සිය X හි පිටුවෙහි අර්ෂාඩ් නදීම් වෙත සුබ පැතුම් එක්කරමින් “ඔබ මුළු ජාතියමක්ම ආඩම්බරයට පත් කළා යැයි පවසා ඇත.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *