ජනකගෙන් මැ: කොමිසමට පැමිණිල්ලක්

ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක ඊයේ (20) මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පැෆ්රල් සංවිධානය විසින් ඉදිරියේදී ජනාධිපති අපේක්ෂකයින් 6 දෙනෙකු පමණක් තෝරා ගනිමින්, සිදු කරන සංවාදය සාධාරණ නොවන බව ඔහු සිය පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත.

විවාදය සඳහා 6 දෙනෙකු පමණක් තෝරා ගැනීමේදී අනෙක් 33 දෙනාට ආසාධාරණයක් සිදුවන බව ඔහු පෙන්වාදෙයි.

මෙය අවලංගු නොකළොත් ඉදිරියේ දී ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් මේ පිලිබඳ නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹීමට කටයුතු කරන බවද ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *