තලතා මන්ත්‍රී ධුරයෙන් ඉවත්වෙයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.

තලතා අතුකෝරල, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානියෙක් වූ ගාමිණි අතුකෝරල ගේ සහෝදරිය වෙයි.

ඇය 2004 වසරේදී පළමුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.

එසේම 2010, 2015 සහ 2020 මහ මැතිවරණවලදී ඇය රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට තේරී විය.

2020 වසරේදී ඇය රත්නපුර දිස්ත්රිකයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් මනාප 45,105ක් ලබාගත්තාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *