නිල තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට

නිල තැපැල් ඡන්ද පත්‍රිකා සහිත රක්ෂිත පැකැට්ටු අද (26)තැපෑලට භාරදෙන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේ, තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා දීමේ මධ්‍යස්ථාන ආශ්‍රීතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.

අද සිට නිල තැපැල් ඡන්ද පත්‍රිකා සහිත රක්ෂිත පැකැට්ටු අදාළ ගමනාන්ත වෙත යොමුකිරීමට කටයුතු කර බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි .

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ, ජනාධිපතිවරණය අවසන් වනතුරු සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු ද අවලංගු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *