ජනාධිපතිවරණය: පැමිණිලි 925, 901 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 43 ක් ලැබි ඇතැයි පොලිසිය පවසයි.

ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ලැබි ඇති පැමිණීලි සංඛ්‍යාව 14 ක වන අතර මැතිවරණ නිති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 29 ක් ලැබී ඇත.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බවයි.

ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට මැතිවරණ කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 925 කි.

ඉන් 901 ක්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *