දිනකට නිකුත් කරන්නේ විදේශ ගමන් බලපත්‍ර 750 ක් විතරයිලු

ගමන් බලපත්‍ර ගැටලුව සඳහා විසඳුමක් ලැබෙන තුරු පැමිණි අනුපිළිවෙළට දිනකට ගමන් බලපත්‍ර 750 බැගින් නිකුත් කිරීම පමණක් ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව ඇති හිස් විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව සීමිත වීම හේතුවෙන් ඒවා නිකුත් කිරීම සීමා කිරීම මෙම තත්ත්වයට හේතුවයි.

පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ, ඊයේ පස්වරුව වන විට දෙපාර්තමේන්තුවේ රැඳී සිටි සියලු දෙනා ඉවත් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *