දෙවන ටෙස්ට් තරගයේ ජයත් එංගලන්තයට

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු ටෙස්ට් තරගාවලියේ තවත් තරගයක් ඉදිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායමට සමත්විය.

ඒ් දෙවැනි තරගය ශ්‍රී ලංකාව ලකුණු 190කින් පරාජයට වීමත් සමගිනි.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සිය ප්‍රථම ඉනිමට ලකුණු 427ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 196ක් පමණි

දෙවන ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම ලකුණු 251ක් ලබා ගත් අතර ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 292ක් පමණයි.

දෙපිල අතර තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය මේ 6 වැනිදා ලන්ඩන්හි කියා ඕවල් පිටියේ ආරම්භ වීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *