ලෝකයක් දිනූ නෙත්මි

ස්පාඤ්ඤයේ පැවති වයස අවුරුදු 20 න් පහළ මල්ලව පොර ලෝක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ පළමු වරට ජාත්‍යන්තර තරගාවලියකදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ නෙත්මි අහිංසා ක්‍රීඩිකාව ඊයේ (08) දදිවයිනට පැමිණියේය.

ඇය මෙම තරගාවලියේ දී ලෝකඩ පදක්කම දිනා ගත්තා ය.

ලෝක මල්ලවපොර ක්‍රීඩා සම්මේලනය විසින් සංවිධානය කළ මෙම තරගාවලිය ස්පාඤ්ඤයේ පොන්ටෙවෙඩ්පා ( Pontevedpa ) නගරයේ ලෝකයේ රටවල් 100 කට අධික ප්‍රමාණයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *