ගාල්ල දිස්ත්‍රික් අන්තර් සමාජ හොකී තරගාවලිය දඩැල්ලේදී

ගාල්ල දිස්ත්‍රික් අන්තර් සමාජ හොකී තරගාවලිය සැප්තැම්බර් 14 සහ 15 දඩැල්ල ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

ගාල්ල දිස්ත්‍රික් හොකී සංගමයේ (Galle District Hockey Association) වාර්ෂිකව පවත්වනු ලබන ගාල්ල දිස්ත්‍රික් අන්තර් සමාජ පිරිමි සහ කාන්තා විවෘත හොකී තරගාවලියක් ලෙසින් මෙමය පැවැත්වෙයි.

ගාල්ල දිස්ත්‍රික් හොකී සංගමය යටතේ පාලනය වන ක්‍රීඩා සමාජ 07 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙම තරගාවලිය සදහා එක්වීමට නියමිතය.

ගාල්ල දිස්ත්‍රික්කය තුල හොකී ක්‍රීඩාව ප්‍රවර්ධනය සහ ප්‍රචලිත කරමින්, දක්ෂ ක්‍රිඩක ක්‍රිඩිකාවන් ජාතික තලය දක්වා ගෙන යාම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *