ඡන්ද පත්‍රිකා බෙදන්න තවත් විශේෂ දවසක්

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව 14 වනදා විශේෂ දිනයක් ලෙස සළකා නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අද (08) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මේ බව පවසා සිටියේය.

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම පසුගිය 03 වනදා ආරම්භ වු අතර විශේෂ දිනයක් ලෙස ඊයේ (08 )වනදා ප්‍රකාශයට පත්කර තිබිණි.

කෙසේ නමුත් මෙම ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු එළැඹෙන 14 වන දිනයේ ද සිදුකිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *