ශ්‍රී ලංකා ගුවන් සේවයට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කලර්ස් ඔෆ් ජැෆ්නා ප්‍රවර්ධන වැඩසටහනට ජාත්‍යන්තර සම්මානයක් හිමි විය.

පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවර පැවති පැසිෆික් ඒසියා ට්‍රැවල් ඇසෝසි‍යේෂන් සම්මාන උළෙලේ දී රන් සම්මානයක් මෙසේ හිමිව ඇත.

ශ්‍රී ලාංකික සමාගමක් දිවයිනේ උතුරු ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කළ ප්‍රථම ජාත්‍යන්තර අලෙවිකරණ වැඩසටහන ලෙස කලර්ස් ඔෆ් ජැෆ්නා ව්‍යාපෘතිය සැලකෙයි.

යාපනය ආසියාවේ අවදානයට ලක්විය යුතු විශේෂ නගරයක් ලෙසට සැලෙකන අතර ලොව පුරා තරගකරුවන් සියයකට අධික පිරිසක් සම්මාන සඳහා අයදුම්කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *